පිය සෙනෙහසට කවි ගි ලියැවුනා මදි

September 13th, 2009 by Geewan Liyanage

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුණේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුණේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුණි කිම මගෙ ලේ කිරි නොවුණේ
මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි නුඹ නෑ එය තව දන්නේ
දරු සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වෙන්නේ

ශ්‍රී ලාංකේය ගී කෙතට නැවුම් අත්දැකීමක් එක් කරමින් දසක දෙක හමාරකට පමණ පෙරාතුව බිහි වූ මෙම ගීතයට ඇළුම් නොකරන රසික සහෘදයකු අදටත් අප අතර ඇතැයි මට නොසිතේ. රසාලිප්ත බවෙන් මෙන්ම හෘදය සංවේදී ගුණයෙන් ද පොහොසත් මෙම ගීතය සැබැවින්ම අපේ සුභාවිත ගීතයේ නිම් වළලු ප්‍රසාරණය කළ නිර්මාණයක් සේ හැඳින්විය හැක. මවු සෙනෙහස පිළිබඳ ගැයුණු අපමණ ගීත අපේ ගීත සාහිත්‍යයේ තිබුණද, පිය සෙනෙහසට පිදුණු එවන් ගී මල් පොකුරු ඉතාමත් විරළය. එහෙත් සදාතනික පිය සෙනෙහසේ සැබෑ ගුණ සුවඳට මහරු අරුතක් එක් කළ මේ ගීතය එවන් වූ පියවරුන්ගේ ආත්මීය විවරණයක් බඳුය. අද ‘ගීයක වරුණ’ ගීතමය විශේෂාංගය ඔස්සේ එම විශිෂ්ට ගීතයට දායක වූ මාලිනී, ටී. එම්. ජයරත්න යුවළ හා රෝහණ වීරසිංහයන් එම නිර්මාණය හා සබැඳි අත්දැකීම් අප හා බෙදා හදා ගත්තේ මේ අයුරිනි. සුපුරුදු පරිදි මුලින්ම අප සමගින් එක් වූයේ ගීත රචනයෙන් දායක වූ මාලිනී ජයරත්නයි. මේ ගීතය මගේ ආදරණීය සැමියා ටී. එම්. ජයරත්න මීට වසර විසි පහකට කලින් ගුවන් විදුලි සරල ගී වැඩ සටහනකට ගැයූ ගීයක්. මම හිතන්නේ් ඒ 1984 දී.සාමාන්‍යයෙන් මහත්තයාට ගී පද රචනා එහෙම තෝරා දෙන්නේ මම. කොහොම හරි ඒ සරල ගී වැඩ සටහනට එක ගීතයක් මදි වෙලා තිබුණා. එදා ඉඳලා මමත් ගීත ලියනවා. ඒ වෙන කොට මම මහත්තයාට ‘තිලොවග නාහිමි’, ‘සොඳුරු අතීතේ’, ‘සඳ එළියෙන්, තරු එළියෙන්’ වැනි ගීත රචනා කර තිබුණා. ඒත් මම ඔහුට දිගටම ගීත රචනා කරන්න උත්සාහ කළේ නැහැ. ඒ මේ ජනප්‍රිය, ප්‍රතිභාපූර්ණ ගායකයාට මම නිසා කිසියම් හානියක් වෙයි කියන සිතිවිල්ල උඩ. මම ගීතයක කටු සටහනක් ලියලා ගෙයි මැද සාලේ මේසය උඩ ඒක තියලා තිබුණා හුළඟේ යනවට මල් වාස් එකට යට කරලා. ඔහු අහම්බෙන් මේක දැකලා ‘ආ මේ තියෙන්නේ මගේ සරල ගී වැඩ සටහනට හොඳ ගීතයක්. කවුද මේක එවලා තියෙන්නේ’ කියලා ඇහුවා. ඇත්තෙන්ම කටු සටහනක් නිසා ඔහුට මගේ අත් අකුරු හඳුනන්න පුළුවන් වුණෙත් නැහැ. ඔහු මේ ගීතය ගැන ගොඩක් පැහැදීමකින් ඉන්න බව මට පෙනුණා. පස්සේ මම මහත්තයාට කිව්වා. ‘ඔය ගීතය හොඳ නම්, පද රචනය ටී. එම්. ජයරත්න කියලා දාගන්නකෝ’ කියලා. එතකොටයි ඔහු දන්නේ ගීතය ලිව්වේ මම කියන වග. කොහොම හරි මේ ගීතය අපි කවුරුත් හිතපු නැති විදිහට ජනප්‍රිය වුණා. ඇත්තෙන්ම මේ ගීතයට මූලිකව පාදක වුණේ මගේම තාත්තා ගැන ඇති වුණ සෙනෙහෙබර සිතිවිල්ලක්. වෙනත් අත්දැකීම් නැතිවා නෙවෙයි. ඒත් ප්‍රධාන වුණේ තාත්තා. දියණියක් හැටියට මම පුංචි කාලේ ඉඳලම අත් වින්ෙඳ් වැඩිපුරම අම්මගේ සෙනෙහස. තාත්තා උදේ ගියාම ආයේ නිවසට එන්නේ රෑ. හැබැයි ඒ ආවාම ඔහු රජෙක් වගේ. අපි සේරම තාත්තා වටේ පිරිලා. ඇත්තම කිව්වොත් අපි තාත්තාට හරිම බයයි. වැරැද්දක් කළොත් හම් පටි පාර වදිනවා. මමත් තාත්තගෙන් අනන්ත ගුටි කාලා ඇති. ඔහු වැරදිවලට හරිම තදයි. ඒ විදිහට දඬුවම් කළාට පස්සේ තාත්තා අපිව තුරුළු කරගෙන බත් කවනවා. ‘මගෙ හුරතල් කෙල්ල’ කියලා ආදරයෙන් ඔළුව අත ගාලා තමයි ඒ බත් පිඬ කටේ තියන්නේ. අපි සහෝදර, සහෝදරියෝ සේරම නව දෙනෙක්. තාත්තා අපි හැමෝටම සැලකුවේ එක වගේ. ඒක හරිම සුන්දර කාලයක්. හරියට හීනයක් වගේ. ඔහු අමුතුම චරිතයක්. අපේ හිතේ තාත්තා ගැන ලොකු භක්තියක් තිබුණා. අපිට ඉස්කෝලෙදි රචනයක් ලියන්න දුන්නත් ඒ අම්මා ගැන. තාත්තා ගැන සඳහනක් නැහැ. ‘අම්මා නොමැති කල අප්පා කවර කල’ කියලයි අපි අහල තිබුණේ ඔය කියමන එක්ක මගේ හිතේ සියුම් නෝක්කාඩුවක් තිබුණා. ඒ නිසාම තාත්තා ගැන දුකක් වගේම ආදරයක් මගේ හිතේ් ඇති වුණා. පසු කාලෙක විවාහ දිවියට ඇතුළු වෙලා බිරිඳක්, මවක් වුණාට පස්සෙත් මම එවැනිම අත්දැකීමකට මුහුණ දුන්නා. මගේ සැමියා රැකියාවට යනවා, එනවා. ඒ යුගයේ ඔහු ඉතාම කාර්යබහුලයි. බොහෝ දවස්වලට මහත්මයා රාත්‍රී කාලයේත් නිවසේ නැහැ. කොහේ හරි සංගීත සංදර්ශනයකට ගිහින්. දරුවෝ දෙන්නා දවසෙම මගෙත් එක්ක. තාත්තා නෙමෙයි අම්මා තමයි එයාලගේ ලෝකෙ හිටියේ. ‘අප්පච්චි යන්නේ පුතාලට කන්න බොන්න උගන්නන්න මේ හැම දේටම සල්ලි හොයන්න. එයා අද සිංදු කියන්නේ මෙන්න මේ පැත්තේ ඉඳගෙන කියලා මම කොහේ හරි පැත්තක් පෙන්නලා කියනවා වඳින්න කියලා. අම්මා විතරක් නෙවෙයි තාත්තත් එයාලගේ ලෝකයේ ඉන්න බව මම හැම වෙලේම දරුවන්ට මතක් කරලා දුන්නා. ඇත්තටම මම සතුටු වෙනවා මේ වගේ් ගීතයක් මා අතින් ලියැවුණ එක ගැන. ඒ සතුට වඩාත්ම හදවතට දැනෙන්නේ මගේ මහත්තයා ගේ හඬින් ඒ ගීතය අහන්න ලැබීම. විශේෂයෙන්ම රෝහණ වීරසිංහයන් මම මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා මෙවැනි නිර්මාණයකට ජීවය ලබා දීම ගැන. මේ ගීිතයට ආදරය කරන විශාල රසික පිරිසක් සිටන වගත් මම දන්නවා. මෙවැනි හෘදයාංගම ගී පදවැලකට සුසංවේදී ගී තනුවක් නිර්මාණය කළ හැක්කේ පරිණත සංගීත රචකයකුට පමණි. ‘අම්මා සඳකි’ ගීතයට ඒ මහා සාධාරණය ඉටු කළ ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් ‘ගීයක වරුණ’ හා එක් වූයේ මෙසේය. අපේ ගීත සාහිත්‍යයේ පිය ගුණ ගී ලියැ වී තිබෙන්නේ ඉතාම මඳ වශයෙන්. නමුත් මේ ගීතයෙන් ඒ අඩුව පිරිමැහුණා කියා මට හිතෙනවා. හැඟීම් තීව්ර වන ආකාරයෙ න් සමුද්‍ර ඝෝෂ විරිතට අනුව මෙය ලියා තිබුණා. ඇත්තෙන්ම එම විරිතට අනුව ලියැවුණ කවි ගීතමය ආකෘතියට නැඟීම තරමක අපහසු කාර්යයක්. පද රචනය තුළම තනු නිර්මාණකරුවා ගාල් කරලයි තියෙන්නේ. ඒ නිසා සොළොස්මත් පැදියෙන් ගීතයක් නිර්මාණය කරද්දී එය ඒකාකාරී වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. නමුත් මේ පදවැලේ අදහස ඉතාමත් තීව්රව දැනුණ නිසා හැඟීම් බර තනුවක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. ගීතයේ බටනලාවෙන් වැයෙන සංගීත ඛණ්ඩය මා නිර්මාණය කළේ ප්‍රකට දරු නැලවිලි ගීයක් ඇසුරෙන්. ඇත්තෙන්ම මේ ගීතය රචනා කළ අවධියේ මාලිනී අත්දැකීම් අඩු ගී පද රචිකාවක් වුණත් ඇය හොඳ කිවිඳියක්. ඈ මේ ගී පද මාලාවෙන් තමන්ගේ අදහස ඉතාමත් තියුණුව සහ සංවේදීව ඉදිරිපත් කර තිබුණා. ඒ නිසා සමුද්‍ර ඝෝෂ විරිතෙන් ලියා තිබුණත් එහි යම් ගීතවත් බවක් දකින්නට ලැබුණා. ඒ වගේම මේ ගීතය ටීී. එම්. ජයරත්න ගේ ගායන ප්‍රතිභාව වඩාත් ඉස්මතු වූ අවස්ථාවක් හැටියට මම දකිනවා. සහෘද දෙසවන් මෙන්ම හදවත ද කිසියම් ශෝකී රසයකින් කුළු ගන්වමින් ඒ ගීතය තම භාවමය හඬින් දැයට තිළිණ කළ ටී. එම්. ජයරත්න ගායනවේදියා අවසන් වරට තම අදහස් අප වෙත ගෙන හැර පෑවේ මෙලෙසිනි. මේක පිය ගුණ ගීයක් කියා සමහරු අර්ථ දක්වනවා. නමුත් මම එය ඒ විදිහට දකින්නේ නැහැ. මෙය අර්ථවත් භාව ප්‍රකාශනයක්. කාන්තාවක්, බිරිඳක් පියාගේ දෘෂ්ටියෙන් බලලා රචනා කළ ගීයක් මේක. ඇත්තෙන්ම මෙහි කථකයා වෙන්නේ පියා. මේ ගීතය මගේ ගායන දිවියේ සුවිශේෂ සන්ධිස්ථානයක්. ගුවන් විදුලියේ මේ ගීතය පටිගත කළාට පස්සේ පටියේ තියෙද්දීම බොහෝ වාර ගණනක් වාදනය වූ ගීතයක් මේ. සාමාන්‍යයෙන් ගීතය පටිගත කළාට පස්සෙයි එය තැටියකට කැපෙන්නේ. ගී පද - මාලිනී ජයරත්න ස්වර රටා- රෝහණ වීරසිංහ ගැයුම - ටී. එම්. ජයරත්න මේ ගීතය අහලා මාව වැළඳගෙන හඬපු බොහෝ දෙනා ඉන්නවා. ලංකාවේ වගේම පිටරටත් බොහෝ රසික පිරිස් මේ ගීතයට දක්වන්නේ විශාල කැමැත්තක්. මේ ගීතය ගායනා කළාට පස්සේ මමත් ඉතාමත් සතුටට පත් වුණා. මම සම්පූර්ණයි. ආයේ ගීත ගයන්න ඕනෑ නැහැ වගේ හැඟීමක් සිතට දැනුණා. ඇත්තෙන්ම මේ ගීතය නිසා මට නියත විවරණ ලැබුණා කියා සිතෙනවා ගායන ලෝකයේ. එහි ශක්තිමත්ව රැඳී සිටින්න යෝධ බල, යෝධ ශක්තිය ලැබුණා කිව්වොත් හරි. මගේ බිරිඳ ද මේ ගීතය රචනා කළේ කියලත් මට හිතුණා. ඒ තරමටම මේ ගීතයේ නිර්මාණාත්මක බවක් තිබුණා. ඈ මේ ගීතය ලිව්වට පස්සේ වෙනදා නැති සෙනෙහසක් අලුතින් උපන්නා කියා වගේ් හැඟීමක් හිතේ් ඇති වුණා. බොහෝ තැන්වල අප අසා දැක තිබෙන්නේ ‘අම්මා බුදු වේවා’ කියලනේ. ඒත් බුදු බව ලබන්නේ පිරිමි ආත්මයක් ලැබූ කෙනෙක් විතරමයි. ඒ යථාර්ථයත් මේ ගීතයේ ගැබ් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ රෝහණ වීරසිංහයන් මේ ගීතයට නිර්මාණය කළ අපූර්ව තනුව ගැන. එය ඉතාමත් විශිෂ්ට වගේම මධුර තනුවක්. රෝහණ කියන්නේ අපි හැමෝම ගොඩ දාපු සංගීතවේදියෙක්නේ. මේ ගීතයෙනුත් ඔහු ඒ යුතුකම ඉටු කර තිබුණා. වෙබ් පිටු සැකසුම - රේඛාවෝ මාවතගම

සීගිරි ඉතිහාසය

September 13th, 2009 by Geewan Liyanage

පෞඩ ඉතිහාසයකඩ නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය සිංහල චිත්‍ර කලාවෙ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පෙය් ලොව අටෙවනි පූදූමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි.අපේ වංශ කතාවලට අනූව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වුත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමුවන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කෙය් උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කදු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලෙය් ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත.මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටි. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය තෙය් මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වු මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවෙස් අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිදු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමෙයන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධෙයකු බව මොනවාට පිළිබිඹු කරමිණි.

ප්‍රධාන අවධි

  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.3-ක්‍රි.පූ.5 දක්වා)

  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.475-497 දක්වා)

  • පසු කාශ්‍යප යුගය(ක්‍රි.ව.6-13 දක්වා)

  • අප්‍රකට යුගය(ක්‍රි.ව.13-17 දක්වා)

  • මහා නුවර යුගය(ක්‍රි.ව.17-19 දක්වා)

  • නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)

තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත්ව වැදහොත් සිංහරාජෙයකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.

නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්

දක්නට ලැබෙන ලක්ෂණ

  • පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව

  • ගඩොලින් තැනූ සිංහයාගේ රූපය

  • පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන්

  • සීගිරි කැටපත් පවුර

සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක්

  • ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැළසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම

  • ඉන්ජිනේරු විද්‍යාව

  • ජල තාක්ෂණය

  • ගෘහ නිර්මාණ ශිල්පය

  • කලා ශිල්ප හා සාහිත්‍ය

සීගිරිය නැගි බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි. තව ද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගෙඩාල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වු ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වුයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මිරකයකි. තව ද මාළිගයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞශල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතෙය් ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතෙය් කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතිතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරිව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී “සීගිරි ගී”නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥෙයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි.

සීගිරි ගී

  • සීගිරි ගී

  • සීගිරි ගීයෙහි භාෂා ලක්‍ෂණ

සීගිරියේ වාස්තු විද්‍යාව

  • සීගිරියේ වාස්තු විද්‍යාව

පිංතුර

සීගිරිය

සීගිරි ලලනාවියෝ

බොන්සයි ගසකි මා තනිවුන

September 11th, 2009 by Geewan Liyanage

බොන්සයි ගසකි මා තනිවුන

හිරු රැසක උණුසුම
වැහි බිදක සිසිලස
අහිමි විය මෙමට
පෙරපින් මද වි ද නොදනිමි
මිහිතලය් ගැඹුරින්
දිය අරන් බිදෙන් බිද
මල් කැකූලු පුබුඳුවා
මියුරු එල සදන්නට
බලා උනිමි මම එදවස
සුවිසල් මැඳුරක් තුල අද
දිලෙණ විඳුලි එලි මැද
මේ මහා පවුරෙන් මදකට එබි
මගේ මිතුරන් සමග හිනහෙමි
උපන් බිම අහිමි කොට
වැඩෙන අතු ඉති මුල් ද සිදබිද
රැහැනින් තදින් වෙලා සියොලග
කිරා මැන සැඳු බඳුනක ගාල් කොට
අහෝ මට කල විපත නුඔ
රස බොජුන් දිදි මට නිසි කලට
පැනින් නහවන නුමුඳු උදැසන සවසද
කූමන සුවයක්ද මට මිනිසුනේ
මං අයිති නැති ලෝකයක

ආදර මගේ අමිමා

September 10th, 2009 by Geewan Liyanage

ආදර මගේ අමිමා
ඔ‍බ මට ලේ කිරි කර පෙවුවා
මගේ ලෝකය ‍මගේ විශ්වය
ගෙදර බුඳුන් අමිමා
මා ආදර මගේ අමිමා
නොවිදිනා ඳුක්විද
දස මස කූස තුල හොවා
මා බිහි කල
මගේ ආදර අමිමා
ලේ කිරි කර දි
මා හැඩි දැඩි කල අමිමා
හොද නරක කියා ඳුන්
මගේ ආදර අමිමා
නොතේරුමට වැරදි කලත්
සමාව මට  ඳුන්නා
කඳුලු තුලින් සිනා සෙන්න
මට කියලා දෙනවා

මම ගැන පුංචි විස්තරයක්

July 24th, 2009 by Geewan Liyanage

මගේ නම ජිවන් නිලුෂක කුමාර.  මගේ වයසඅවුරැදු  17යි. මගේ අමිමයි තාත්තයි මට හරිම ආදරේයි. ඵ් දෙන්නා මට පුංචිවත් අඩු පාඩුවක් කරන්නැ. දහදුක් විදලා මාවමෙ ලෝකයට බිහිකරපු මගේ අමිමායි මාව පෝෂනය කරපු මගේ තාත්තටයි මම හැමදාම ණය ගැතියි.  මට සහෝදරියන් තුන් දෙනෙක් ඉන්නවා.මගේ අක්කයි නංගිලා දෙන්නයි මට හරිම ආදරෙයි මම ඵ් ගොල්ලන්ට ඵ් වගේම ආදරෙයි අපි හරි ඵක මුතුයි. මගේ ගම සිංහරාජ  වනය සහ ගිංගග අසල පිහිටි හප්පිටිය නමි ගමයි. මම සාමාන්‍ය පෙළ හැදැරැ‍‍‍ෙව ගා/හප්පිටිය ක.විද්‍යාල‍ෙ යනි.උසස් අධ්‍යාපනය සදහා බටුවංගල මහා විද්‍යාලයට පැමිනියේය. මම දැනට ඵම විද්‍යාලයේ 13 වස‍රේ කලා අංශයේ ඉගනුම ලබමින් සිටින අතර මම හදාරන විෂයන්නමි සිංහල ‚දේශපාලන විද්‍යාව ‚බෞද්ධ ශීෂ්ඨාචාරය වෙ .මම කැමතිම විෂය දේශපාලන විද්‍යාවයි.මගේ විනොදාංශ වන්නේ පත්තර කියවිමයි. මගේ අනාගත බලා‍පො‍‍රොත්තුව රටට සමාජයට වැඩදායි පුද්ගලයෙක් විමයි.

Hello world!

July 24th, 2009 by Geewan Liyanage

Welcome to schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka. This is your first post. Edit or delete it, then start blogging!